උද්වේගකර ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යෙදී සිටින ඉහළ මන්ත්‍රී මණ්‌ඩල අපේක්ෂකයෝ


ජපාන මැතිවරණ සටන උණුසුම් වෙයි

.

ජපාන පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්‌ඩල මැතිවරණය ශක්තිමත් ඡන්ද පෙරමුණක්  සමඟින් එළැඹෙන ජුලි 10 වන ඉරිදා දින පැවැත්වීමට නියමිතව ඇති අතර එහි ප්‍රචාරක කටයුතු වල නිරතව සිටින ප්‍රධාන දේශපාලන පක්ෂවල ප්‍රධානීන් රට පුරා සිටින ඡන්දදායකයින්ට ඔවුන්ගේ ඉදිරි සැලසුම් ඉදිරිපත් කිරීම සඳහා තේරීම් වාක්‍ය ඛණ්ඩ කිහිපයක් පුළුල් ලෙස භාවිතා කරන ආකාරය දැකගත හැකි වේ. 

 

මෙහිදී අඛණ්‌ඩව ඉහළ යන භාණ්ඩ හා සේවා මිල ගණන් මධ්‍යයේ ජනතාව පීඩාවට පත් වීම කේන්ද්‍රගත ගැටලුවක් ලෙස විවාදයට ගෙන ඇති අතර පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධානී සහ රටේ අගමැති වන Fumio Kishida මේ සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් ජනතාවට කියා සිටියේ මෙම ප්‍රශ්නය විසඳීමට තම ආන්ඩුවට හැකියාව ඇති බවයි. 

 

නමුත් ප්‍රධාන විපක්ෂය වන ජපානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සිය ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටියේ ආන්ඩුවේ ප්‍රතිචාරය කෙරෙහි ඔවුන්ගේ කෝපය පෙන්වීමට මෙවර මැතිවරණය යොදාගන්නා ලෙසයි.

 

"අපට මේ මොහොතේ LDP ප්‍රධාන පක්ෂයට මුහුණ දිය හැකි තියුණු විරුද්ධ පක්ෂයක් අවශ්‍යයි" යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට සහය දක්වන විපක්ෂයේ ජපන් නවෝත්පාදන පක්ෂයේ නායක Ichiro Matsui සිය ප්‍රචාරක කටයුතු අතරතුරදී කියා සිටියේය.

105 Views

Comments