2020 වසරේ මැයි මාසයේදී කොවිඩ් ප්‍රථම රැල්ල හේතුවෙන් ලන්ඩන් නගරය වසා දමා තිබුණු මොහොතක අගමැති කාර්යාලය සහ නිල නිවස පිහිටි සංකීර්ණය තුළ සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් ලන්ඩන් පොලිසිය පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති බව සැලවේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Boris Johnson මේ සම්බන්ධව බ්‍රිතාන්‍ය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ද සමාව ඇයද සිට ඇති අතර බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සිදු වීමෙන් පසුවත් මොහු තවත් උපන්දින සාදයකට 30ක් පමණ ඔහුගේ කාර්යාලයේ කණ්ඩායම සමග සහභාගි වී ඇති බවයි. එය පසුගිය 2020 වසරේ ජූනි මාසයේ දී පැවැත්වී ඇති බවද සනාථ කරගෙන තිබේ. මෙම සිදුවීම් දෙකම සම්බන්ධයෙන් මේ වනවිට පර්යේෂණ කටයුතු ආරම්භ වී ඇති බව ආරංචි මාර්ග තහවුරු කරයි. මෙකී සිදුවීම් වන කාරණා පමණ වන විට බ්‍රිතාන්‍ය බොහොමයක් නගර වසා දමා තිබූ අතර සියලුම එක්රැස්වීම් නීත්‍යානුකූලව තහනම් කර තිබිණි.