ජපානයේ හිටපු අගමැතිගේ මරණය සම්බන්ධයෙන් චීන රජය තම ශෝකය පළ කරයි


Shnzo Abe ගේ මරණය සම්බන්ධයෙන් චීනය ශෝකය ප්‍රකාශ කරයි

.

බටහිර Nara නගරයේ පැවැති ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී නාදුනන තුවක්කුකරුවෙකුගේ මාරාන්තික වෙඩි ප්‍රහාරයට ලක්වූ ජපානයේ හිටපු අගමැති Shinzo Abe ඒ මොහෝතේම රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබූ නමුත් අධික රුධිර වහනය සහ ඇතිවූ දරුණු තුවාල හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් රැසකගේ උත්සහය මධ්‍යයේ Abe මහතා සිකුරාදා දින සන්ධ්‍යාවේ මිය ගිය අතර එතුමාගේ මරණය වාර්තා වූ මොහොතේදීම චීන රජය සිය ශෝකය ජපාන රජය වෙත පළ කර තිබේ .

 

"Abe ගේ හදිසි මරණයෙන් චීනය ඉමහත් කම්පනයට පත් වී ඇත. චීන-ජපාන සබඳතා වැඩිදියුණු කිරීමට මෙන්ම සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට එතුමාගේ නොමසුරු දායකත්වය අප වෙත ලබා දුන්නේය" යනුවෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Zhao Lijian සිය ශෝක පණිවිඩය නිකුත් කරමින් කියා සිටියේය .

108 Views

Comments