අලංකාර සාම්ප්‍රදායික ජපාන නර්තනාංගයක් වන "මයිකෝ" ඉදිරිපත් කරන සුන්දර "ගෙයිශා" කලාකාරියන්, වසංගත තත්වයෙන් කලකට පසු නැවතත් සිය දක්ෂතා ඉදිරිපත් කිරීමට සූදානම් වන බව බටහිර ජපානයේ hanamachi කලා ගම්මානයෙන් වාර්තා වේ.
කොවිඩ් වසංගතය නිසා ගෙයිශා නර්තනාංග තාවකාලිකව නතර කර දමා තිබූ අතර, පසුගිය 17 වනදා එහි 72 වන සංස්කරණය Miyagawacho හිදී ඉදිරිපත් කර තිබුණි. "Kyo Odori" ලෙස නම් කරන ලද මෙම නර්තනාංගයේ මීළඟ ඉදිරිපත් කෙරුම, එළඹෙන අප්‍රේල් 2 සිට 17 දක්වා Kamigyo හි Kyoto සාම්ප්‍රදායික කලා හා ඉදිරිපත් කිරීම මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බව වාර්තා වේ.