ජපානයේ හිටපු අගමැතිට එල්ල වූ ප්‍රහාරය කෙරෙහි ආසියානු නායකයින් දැක්වූ ප්‍රතිචාරය


හිටපු අගමැති තුමාගේ මරණය සම්බන්ධයෙන් ආසියානු නායකයන් බොහෝ දෙනෙක් ශෝකය පළකරයි

.

මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුරදී ජුලි 8 වන සිකුරාදා දින හිටපු ජපාන අගමැති Shinzo Abe වෙත එල්ල වූ සන්නද්ධ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ආසියා-පැසිෆික් කලාපයේ නායකයින් ඉක්මන් ප්‍රතිචාර දැක්වූ අතර සියලු දෙනා එක්ව ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කලහ. 

 

තායිවාන ජනාධිපති Tsai Ing-wen ෆේස්බුක් සටහනක් තබමින්  “තායිවාන-ජපාන සබඳතා වර්ධනය ප්‍රවර්ධනය කිරීමට Abe කිසිදු උත්සාහයක් ඉතිරි කර නැත. ඔහු මට ඉතා හොඳ මිතුරෙකු පමණක් නොව, තායිවානය සඳහා ද අවංක මිතුරෙකි" යනුවෙන් පවසා තිබේ. 

 

සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය Lee Hsien Loong ද ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කළේ " Abe සිංගප්පූරුවේ හොඳ මිතුරෙක්. එනිසා මගේ සිතුවිලි සහ යාඥාවන් Abe මහතා සහ ඔහුගේ පවුලේ අය සමඟයි. Abe ට වෙඩි තබා ඇති බව දැනගැනීමෙන් පසු මම දැඩි කම්පනයට පත් වුණා.  එය අඥාන ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස මම තරයේ හෙළා දකිනවා" යනුවෙනි .

 

ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ "හිටපු අගමැති Shinzo Abe ට වෙඩි තබා ඇති බවට ජපානයෙන් කම්පන සහගත පුවතක් වාර්තා වෙයි. මේ අවස්ථාවේ අපගේ සිතුවිලි ඔහුගේ පවුලේ අය සහ ජපානයේ ජනතාව සමඟයි."

 

ඉන්දීය අග්‍රාමාත්‍ය Narendra Modi ට්විටර් සටහනක් තබමින්  "මගේ හිතවත් මිත්‍ර Abe Shinzo ට එල්ල වූ ප්‍රහාරයෙන් අපි දැඩි ශෝකයට පත්වෙනවා. අපගේ සිතුවිලි සහ යාඥාවන් ඔහු, ඔහුගේ පවුලේ අය සහ ජපානයේ ජනතාව සමඟයි" යනුවෙන් කියා සිටියේය. 

 

ඉන්දුනීසියාවේ Bali හිදී, පැවැති G-20 ක කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන් රැස්වීම අතරතුරදී දකුණු කොරියානු විදේශ අමාත්‍ය Park Jin ඔහුගේ ජපාන සහකරු වූ Yoshimasa Hayashi වෙත "හිටපු අගමැති Shinzo Abe සුව වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි" යනුවෙන් සැනසිලිදායක වචන ප්‍රකාශ කළ බව දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

 

ඉන්දුනීසියානු විදේශ අමාත්‍ය Retno Marsudi Hayashi විසින් Abe වෙත සිය "ගැඹුරු අනුකම්පාව" ප්‍රකාශ කළ අතර එහි රැස්ව සිටි G-20 ඇමතිවරුන් වෙනුවෙන් ඔහුගේ "ඉක්මන් සුවය" ප්‍රාර්ථනා කළ බව ඉන්දුනීසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

 

"මම ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් යාච්ඤා කරමි" යනුවෙන් තායිවානයේ උප ජනාධිපති William Lai ද ජපන් භාෂාවෙන් ට්විටර් වෙබ් අඩවියේ සඳහන් කර තිබිණි.

121 Views

Comments