හිටපු අගමැති Abe හට වෙඩි තැබීම වත්මන් අගමැති Kishida දැඩි ලෙස හෙළා දකී


හිටපු අගමැති තුමාට එල්ල වූ වෙඩි ප්‍රහාරය වර්ථමාන අගමැතිතුමා දැඩිව හෙළා දකි

.

"මැතිවරණ ව්‍යාපාරයක් අතරතුර වෙඩි තැබීමක් වැනි ම්ලේච්ඡ ක්‍රියාවක් සිදුවීම කිසි විටෙකත් ඉවසිය යුත්තක් නොවන බව" සිකුරාදා දින හිටපු අගමැති Shinzo Abe හට එල්ල කරන ලද වෙඩි ප්‍රහාරය “හැකි උපරිමයෙන්” හෙළා දකිමින් අගමැති Fumio Kishida නිවේදනය කළේය. 

 

"එතුමා බරපතල තත්ත්වයක සිටින බැවින් ඔහුගේ ඉක්මන් සුවය සඳහා සියලු දෙනා එක්‌ව ප්‍රාර්ථනා කරන බවත් සිදුවීම සම්බන්ධයෙන් රජය විසින් දැක්විය යුතු ප්‍රතිචාරය පිළිබඳව තම කැබිනට් අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවත්" Kishida මාධ්‍ය වෙත අදහස් දක්‌වමින් කියා සිටියේය. 

 

මෙම ප්‍රහාරය මගින් ජපාන දේශපාලනයට කිසියම් බලපෑමක් සිදු වන්නේදැයි වාර්තාකරුවන් විමසූ විට එතුමා සදහන් කළේ මෙය ඒ පිළිබඳව සිතීමට සුදුසු කාලය නොවන බවයි.

118 Views

Comments