ගිනිකොනදිග ආසියාවේ සංචාරක ස්ථාන වලට ගංවතුරින් පහර.


ගංවතුර තත්ත්වය හේතුවෙන් බොහෝ සංචාරක ස්ථාන වලට පහර වදී

.

මෝසම් වැසි හේතුවෙන් අග්නිදිග ආසියාවේ බොහෝ ප්‍රදේශවල විශාල ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර සංචාරක ප්‍රදේශවලට එයින් හානි සිදුවී ඇත. වියට්නාමයේ පසුගිය සතියේ අග භාගයේ සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවෙන් විශාල ගංවතුරක් ඇති වූ බැවින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ඩා නන්ග් ජලයෙන් යට විය. 

 

ළමුන් හතර දෙනෙකු ඇතුළු දස දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර බලධාරීන් අනතුරු අඟවන්නේ මෙම සතිය අගදී සුළි කුණාටුවක් රට වෙත ළඟා විය හැකි බවයි. 

 

මේ අතර තායිලන්තයේ ජනප්‍රිය නිවාඩු නිකේතනයක් වන ෆුකෙට් පෙර දින රාත්‍රියේ අධික වර්ෂාවෙන් පසු දශක ගණනාවකට පසු දරුණුතම ගංවතුරට මුහුණ දී ඇත. සඳුදා ගංවතුර බැස ගිය නමුත් සතියේ ඉතිරි කාලය තුළ දැඩි අවධානයෙන් සිටින ලෙස ප්‍රාදේශීය නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Comments