අඛණ්‌ඩව ඉහළ යමින් පවතින ලෝක ආහාර හිගය


රුසියානු යුක්රේන යුද්ධය අතරතුර ලෝකයේ ආහාර හිඟයක් නිර්මාණය වෙයි

.

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් ආහාර, ඉන්ධන සහ පොහොර මිල ඉහල යාම නිසා පෙර නොවූ විරූ පරිමාණයෙන් ඇතිවූ ගෝලීය අස්ථාවර භාවය හා සාගින්න හමුවේ ලොව පුරා රටවල් රාශියක ජනතාව මේ වනවිට ඉමහත් පිඩාවටකට පත්ව සිටින බවත් ඉදිරියේදී එය තවදුරටත් ඉහළ යා හැකි බවත් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ඉහල නිලධාරියෙකු පසුගිය බදාදා දින අනතුරු අඟවීමින් කියා සිටියේය. 

 

එහි නවතම විශ්ලේෂණ වාර්තාවලට අනුව ප්‍රධානී David Beasley පැවසුවේ "උග්‍ර කුසගින්නෙන් පෙළෙන මිලියන 345 ක වාර්තාගත ජනතාවක් සාගින්න අද්දරට ගමන් කරමින් සිටින අතර යුධමය වාතාවරණය ඇතිවීමට පෙර 2022 වසර ආරම්භයේ පැවැති මිලියන 276 මට්ටමේ සිට 25% ක අගයකින් ආහාර හිඟතාවය වැඩිවී තිබෙන බව පෙන්නුම් කර ඇත. එහි මට්ටම ඉදිරි මාසවලදී තවත් ඉහළට නැඟීමේ සැබෑ අනතුරක් වර්ධනය වෙමින් පවතී .

 

"අහස තරම් ඉහළ යන කුසගින්න" මැඩපැවැත්වීම වෙනුවෙන් කටයුතු කරන මානුෂීය කණ්ඩායම් සඳහා සැලකිය යුතු නව අරමුදල් පිහිටුවීම, ආරක්ෂණවාදයට එරෙහි වීම, වෙළඳාම දිගටම කරගෙන යාමට රජයන් මගින් ජනතාවට සහනාධාර ලබා දීම, දුප්පත්ම රටවල කුසගින්නෙන් සහ වෙනත් ස්වභාවික කම්පනවලින් පිඩාවට පත්වන ජනතාව ආරක්ෂා කිරීමට ආයෝජනය කරන ලෙස ඔහු තවදුරටත් අදහස් දක්‌වමින් ඉල්ලා සිටියේය.

 

"අතීතයේදී අපි මෙම ඉඳිකටුව සාර්ථකව නූල් කළා නම්, යුක්‍රේනයේ යුද්ධය අද මෙතරම් විනාශකාරී ගෝලීය බලපෑමක් ඇති නොකරනු ඇත" යනුවෙන් අවසාන වශයෙන් Beasley පැවසීය.

113 Views

Comments