ජපානය තුළ යළිත් වරක් යථා තත්ත්වයට පත්වූ  යන්ත්‍රෝපකරණ ඇණවුම


ජපානයේ පෞද්ගලික අංශවල යන්ත්‍රෝපකරණ ඇණවුම් ප්‍රතිශතය ඉහළ යයි

.

අඛණ්ඩව දෙවන මාසයේදීත‍් ඉහළ වර්ධනයක් සනිටුහන් කරමින් ජපානයේ ප්‍රධාන පුද්ගලික අංශවල  යන්ත්‍රෝපකරණ ඇනවුම් අප්‍රේල් මාසයේදී 10.8% ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති අතර, COVID-19 වසංගතයේ බලපෑම ලිහිල් වීම හේතුවෙන් ප්‍රාග්ධන ආයෝජන සඳහා ඇති ඉල්ලුම ඉහළ නැංවීම එයට හේතුව බව රජයේ දත්ත බදාදා පෙන්වා දුන්නේය .

 

"පෞද්ගලික අංශයේ යන්ත්‍රෝපකරණ ඇණවුම් ඉහළ මට්ටමකට පැමිණ ඇත. වසංගතය හේතුවෙන් එවැනි වියදම් මැඩපැවැත්වීමෙන් පසු යළිත් වරක් වාසිදායක ආයතනික කාර්ය සාධනය මත පදනම්ව සමාගම් විසින් ප්‍රාග්ධන ආයෝජන පුනර්ජීවනය කර තිබේ " යනුවෙන් රජයේ නිලධාරියෙකු නව ප්‍රගතිය පිළිබඳව අදහස් දක්‌වමින් පැවසීය. 

 

එම මාසයේදී මුළු ඇණවුම් 33.6% එනම් යෙන් ට්‍රිලියන 3.37 දක්වා ඉහළ ගොස් ඇති අතර 2005 අප්‍රේල් මාසයේ දී පලමු වරට සංසන්දනාත්මක දත්ත ලබා ගත් දා සිට වාර්තා වූ වටිනාකමින් විශාලතම සහ තියුණුම වැඩිවීම මෙය බව වාර්තා වේ.

157 Views

Comments