ජපානයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ළමා අනතුරු ප්‍රමාණය ඉහළ යාමේ අවදානමක් මතුවෙයි


ජපාන දිවා සුරකුම් මධ්‍යස්ථාන අනාරක්ෂිත බවට මතයක් පැතිර යයි

.

රට තුළ ව්‍යාප්තව පවතින ළදරු පාසල්, සහ අනෙකුත් ළමා ආරක්ෂණ මධ්‍යස්ථාන වල දෛනිකව රඳවා තැබෙන ළමුන් අතර සිදු වූ බවට වාර්තා වන හදිසි මරණ සහ තුවාල සංඛ්‍යාව 2021 වසරේදී  2347 මට්ටමට ළඟා වී ඇති බව කැබිනට් කාර්යාලය විසින් ජුලි 7 වන බ්‍රහස්පතින්දා දින ඵළි දක්වන ලද දත්ත වාර්තා මඟින්  පෙන්වා දී තිබේ  .

 

සේවයේ නිරතව සිටින අඩු කාර්ය මණ්ඩලයක් සහිත වැඩි සේවා ස්ථාන ප්‍රමාණයක් පැවතීම මෙලෙස අනතුරු සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී ඇති බව පැවසේ. මුළු රෝගීන් සංඛ්‍යාව පෙර වසරට වඩා 332 කින් වැඩිවී ඇති අතර 2015 දී වර්තමාන ගණනය කිරීමේ ක්‍රමය හඳුන්වා දීමෙන් පසු වාර්තා වූ ඉහළම මට්ටම ලෙස මෙය හැඳින්විය හැකිය. 

 

අනතුරු 2347 න් 5 ක් අවදානම් සහිත මරණවලට හේතු වී ඇති අතර ඉතිරි තුවාල සිදුවීම්වලින් 80% අස්ථි බිඳීම් විය. පිළිස්සුම් අවස්ථා 10 ක් සහ සිහිසුන් වූ අවස්ථා 14 ක් ද මෙයට අයත්ව තිබූ අතර මෙම තුවාල සුව වීමට නම් දරුවන්ට අවම වශයෙන් මාසයක පමණ කාලයක් ප්‍රතිකාර කිරීම අත්‍යාවශ්‍ය වූ බව සදහන් වේ .

126 Views

Comments