Twitter මිලදී ගැනීමේ ගනුදෙනුව අත්හැර දැමූ ලොව ධනවත්ම මිනිසා


Twitter මිලදී ගැනීම Elon Musk.අත්හැර දමයි

.

වර්තමානයේදී භාවිතයේ පවතින ව්‍යාජ ගිණුම් සංඛ්‍යාව පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු සැපයීමට Twitter සමාගම අපොහොසත් වීමෙන් පසු ඩොලර් බිලියන 44 ක මුදලකට එය මිලදී ගැනීම සඳහා සමාගම් දෙක අතර ඇතිකරගත් එකඟතාවය අත්හැර දැමීමට තමන් තීරණය කළ බව Elon Musk සිකුරාදා නිවේදනය කළේය.  

 

නමුත් එය දැනගත් වහාම Twitter සමාගම විසින් එම තීරණය ප්‍රතික්ෂේප කළ අතර මීට පෙර ලෝකයේ ධනවත්ම මිනිසා සහ Tesla ප්‍රධාන විධායක නිලධාරියා වන Musk විසින් ගනුදෙනුව තහවුරු කළ බැවින් තමන් නීතිමය පියවර ගන්නා බවට වඩාත්ම බලගතු සමාජ මාධ්‍ය වේදිකාවක් සහිත සමාගම පැවැසීය. 

 

Twitter මණ්ඩලයට ලිපියක් යවමින් Musk ගේ නීතිඥයා ලෙස සේවය කරන Mike Ringler කියා සිටියේ " තම සේවාදායකයා මාස දෙකකට ආසන්න කාලයක් සමාජ මාධ්‍ය වේදිකාවේ ව්‍යාජ හෝ අයාචිත තැපැල් ගිණුම්වල පැතිරීම විනිශ්චය කිරීමට දත්ත සොයමින් සිටි බවයි. " 

 

"Twitter විසින් මෙම තොරතුරු සැපයීමට අපොහොසත් වී හෝ උවමනාවෙන්ම ප්‍රතික්‍ෂේප කර ඇති අතර Musk මහතාගේ ඉල්ලීම් නොසලකා හැර ඇත. සමහර විට එය අසාධාරණ යැයි පෙනෙන හේතු නිසා එය ප්‍රතික්ෂේප කරන්නට ඇත" යනුවෙනි. 

 

“එකඟ වූ මිල සහ නියමයන් මත ගනුදෙනුව අවසන් කිරීමට මණ්ඩලය කැපවී සිටින බවත්, ඒකාබද්ධ ගිවිසුම බලාත්මක කිරීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බවත් Delaware උසාවියේ දී අපි ජය ගන්නා බවත් අපිට විශ්වාසයි" යනුවෙන් මෙහිදී ප්‍රතිචාර වශයෙන් Twitter අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති Bret Taylor ප්‍රකාශ කළේය.

125 Views

Comments