පාසලේදී අනතුරට ලක්වූ සිසුවා රෝහල් ගත කිරීමට කාර්ය මණ්ඩලය අසමත් වෙයි


පාසලේ දී දරුණු ලෙස ආබාධයට ලක්වූ සිසුවා රෝහල් ගත කිරීමට ප්‍රමාද වේ

.

Nagoya නාගරික ප්‍රාථමික පාසලේ පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකු පාසල් විවේකය අතරතුරදී ජූලි 5 වැනි දින දහවල් 1.10 ට පමණ තවත් මිතුරෙකු පිට මත තබාගෙන සෙල්ලම් කරමින් සිටියදී ලිස්සා ගොස් මුහුණ බිම වද්දාගෙන ඇති අතර තුවාල ලැබූ සිසුවා රෝහල් ගත කිරීම සඳහා ගිලන් රථයක් කැඳවීමට පාසල අපොහොසත් වී තිබේ. 

 

මේ සම්බන්ධයෙන් නගරයේ අධ්‍යාපන මණ්ඩලයේ නිලධාරීන් ජූලි 7 දා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා සමාව අයැද සිටි අතර “ සිසුවා වහාම රෝහලකට ගෙන යා යුතුව තිබුණා. නමුත් කළ නොහැකි වුණා ” යනුවෙන් මෙහිදී අදහස් දැක්වූ එක් නිලධාරියෙකු කියා සිටියේය. 

 

තමන් දකින සෑම දෙයක්ම දෙගුණ වී පෙනෙන බව ශිෂ්‍යා තම පන්තිභාර ගුරුතුමා වෙත පවසා ඇති අතර එතුමා ඔහුව පාසල් හෙද කාර්යාලය වෙත රැගෙන ගොස් ඇත. ඔහුගේ දෑස් ඉදිමීම හෝ වර්ණය වෙනස් වීම සිදුනොවූ බැවින් ඔහුව ඉක්මනින්ම රෝහලකට  ගෙන යා යුතු නැති බවට තීරණය කළ හෙදිය ඔහුගේ දෑස් මත සීතල සම්පීඩනයක් තබා දහවල් 1.30 ට පමණ ඔහුව රැගෙන යාමට පාසලට පැමිණෙන ලෙස දන්වා තිබේ .

 

ප්‍රමාදවී පැමිණි මව විසින් තුවාල ලබා සිටි තම දරුවා රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහුගේ කක්ෂීය තට්ටුව බිඳී ඇති බැවින් ශල්‍යකර්මයකට පවා බදුන් කිරීමට සිදුවී ඇති බව පැවැසේ . ඔහුගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බවත් සුවය ලැබීමට මාස තුනක පමණ කාලයක් ගතවනු ඇති බවත් මෙහිදී අධ්‍යාපන මණ්ඩලය සදහන් කළේය.

Comments