චන්ද්‍රයා සහ අඟහරු ග්‍රහයා මත මනුෂ්‍ය වාස්ථාන ඉදිකිරීමේ ජපාන සැලසුම් එළිදැක්‌වේ


ජපානය අඟහරු හා චන්ද්‍රයා මත මනුෂ්‍ය වාස සෑදීම පිළිබඳව සැලසුම් කරයි

.

චන්ද්‍රයා සහ අඟහරු ග්‍රහයා මතුපිට මිනිස් වාසයට අවශ්‍ය වන කෘතිම ගුරුත්වාකර්ෂණ ජීවන පහසුකම් ඉදිකිරීම සහ මන්දාකිණි සීඝ්‍රගාමී ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම වෙනුවෙන් Kyoto විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සහ නව ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු වන Kajima Corp. විසින් එක්ව සකස් කරන ලද සැලසුම පසුගිය ජූලි 5 දින විශ්ව විද්‍යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එළිදැක්වීම සිදුවිය. 

 

"වෙනත් රටවල  අභ්‍යවකාශ සංවර්ධන සැලසුම්වල දක්නට නොලැබුණු යෝජනා ඇතුළත් මෙම සැලැස්ම මඟින් අනාගතයේ දී මිනිසුන්ට අභ්‍යවකාශයට යාමට හැකි වනු ඇති බව සහතික කිරීම සඳහා තීරණාත්මක වැදගත් තාක්ෂණයන් නියෝජනය කරයි " යනුවෙන් Kyoto විශ්ව විද්‍යාලයේ SIC මානව අභ්‍යවකාශ විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Yosuke Yamashiki මෙහිදී සදහන් කළේය.

 

22 වන සියවසය වනවිට සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇතැයි සැලකෙන මෙම සැලසුම යටතේ Lunar Glass ලෙස හඳුන්වනු ලබන එක් මධ්‍යස්ථානයක් සඳ මත ද, Mars Glass නම් අනෙක් මධ්‍යස්ථානය අඟහරු මත ද ඉදිකිරීමට නියමිතව තිබේ. පෘථිවියේ ජෛව විවිධත්වය අනුකරණය කරමින් වනාන්තර හෝ දිය ඇලි සහිත සම්පූර්ණ  අවකාශයක් නිර්මාණය කිරීමට ද ඔවුන් මෙහිදී දීර්ඝව සැලසුම් කර ඇති බව සදහන් වේ .

 

පෘථිවිය, චන්ද්‍රයා සහ අඟහරු ග්‍රහයා අතර ගමන් කිරීම සඳහා මන්දාකිණි සීඝ්‍රගාමී යානයක් සිහිගන්වන “ෂඩාස්‍ර අභ්‍යවකාශ ධාවන පථ පද්ධතිය” නමින් ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීමද මෙම සැලැස්මට ඇතුළත් වන අතර මෙය ඉදිකිරීමට වසර 100 ක් පමණ කාලයක් ගතවනු ඇතැයි සැලකෙන බැවින් 2050 වන විට සඳ මත ඒවායේ සරල අනුවාදයක් හෝ ගොඩනැංවීම ඔවුන්ගේ මෙම ව්‍යාපෘතියේ අරමුණ ලෙස දක්වා තිබේ .

167 Views

Comments