ජපාන සුප්රසිද්ධ සුමෝ ක්රීඩක "අබි", වසර දෙකකට ආසන්න තරග තහනමකට පසු ජපාන සුමෝ පිටියට නැවතත් පිවිස තිබේ.
කොවිඩ් මර්දන නීති සහ තරග නීති දිගින් දිගටම කඩකිරීම නිසා අබි හට වසර දෙකකට ආසන්න තරඟ තහනමක් ජපාන සුමෝ සම්මේලනය විසින් පනවන ලදී. කෙසේවෙතත් දඬුවම් කාලයෙන් පසු, ඔහු නැවත පිටියට පිවිසෙන්නේ සුමෝ හි දෙවන විශාලතම ගෞරව නාමය වන "සෙකිවකේ" නාමය සමගින් වීම විශේෂත්වයකි. මේ වනවිට අබි, වසන්ත සමයේ පැවැත්වෙන ජපාන ප්රධාන සුමෝ තරඟාවලියට සහභාගිවීමට සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබේ.