පසුගිය මාර්තු මස 12 වන දින අලුයම කාලයේදී Tokyo ප්රාන්තයේ Nerima Ward හි පිහිටි මහල් නිවාසයක වාසය කළ 37 හැවිරිදි Nozomi Narita නම් සිය ගැබිනි පෙම්වතිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට Saitama ප්රාන්තයේ Soka හි වාසය කළ Ken Takahashi නම් 43 හැවිරිදි විවාහක සමාගම් සේවකයෙකු Tokyo පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මියයන විට ගැබිනියක්ව සිටි Narita ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව පෙන්වීමට Takahashi බෙහෙවින් උත්සාහ කළ නමුත් ඇයගේ ගෙල සිර කර මරා දමා ඇති බවත් ඒ සඳහා ලණුවක් භාවිතා කර ඇති බවත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ බව මෙහිදී පොලිසිය සඳහන් කළේය.
සැකකාර Takahashi විසින් ඇයව ඝාතනය කළ බව පිළිගෙන ඇති අතර "තමා විවාහක බව ඇයට නොකී බවත් තමන් ඇයව විවාහ කර ගන්නා බවට විශ්වාස කිරීමට ඇයව පෙළඹවූ බවත්, තමා විවාහකයෙකු බව ඇයට පැවසීමත් සමඟ දෙදෙනා අතර බහින්බස් වීමක් ඇති වූ බවත්, තමන් විසින් ඇගේ ගෙල මිරිකා ඝාතනය කළ බවත්" ඔහු සිය වරද පාපොච්චාරණය කරමින් පොලිසියට පවසා තිබේ.