අධික ව්‍යාප්තියක් සහිත Omicron BA.5 ප්‍රභේදය ජපානය ආක්‍රමණය කරයි


ජපානයෙහි කොරෝනා ව්‍යාප්තිය අඛණ්ඩව සිදුවෙයි

.

Tokyo විශ්ව විද්‍යාලය ප්‍රමුඛ විශේෂඥ පර්යේෂණ කණ්ඩායමක් විසින් ජපානය පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වෛරසයේ Omicron BA.5 උප ප්‍රභේදය සම්බන්ධයෙන් නවතම පර්යේෂණ ආරම්භ කර ඇති අතර එහිදී මීට පෙර ව්‍යාප්ත වූ BA.2 ප්‍රභේදයට වඩා වැඩි ප්‍රතිශතයකින් BA.5 ප්‍රභේදය පෙණහලුවලට බලපෑම් සිදුකරන බව සොයා ගැනීමට හැකිවී තිබේ. 

 

පසුගිය මැයි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද මෙම පර්යේෂණයේ  වාර්තාව ව්‍යාධිජනක මෙන්ම බෝවන, මිනිස් සෛල සහ සතුන් භාවිතා කරමින් සිදුකරන ලද අත්හදා බැලීම් මත පදනම්ව ඇති අතර එහි පූර්ව මුද්‍රණ පිටපත ඇතුළු මූලාශ්‍රවලට අනුව BA.5 උප ප්‍රභේදයේ ආසාදන හැකියාව BA.2 උප ප්‍රභේදයට වඩා 18.3 ගුණයකින් වැඩි වී ඇති බව මිනිස් පෙනහළු තුළ ඇති ගර්ත වල අපිච්ඡද සෛල භාවිතයෙන් කරන ලද පරීක්ෂණයකදී තහවුරු වී තිබේ. 

 

"අපි ප්‍රතිශක්තිකරණය නොකළ හුදෙකලා වලවල් මීයන් යොදාගනිමින් අත්හදා බැලීම් සිදු කළෙමු. ප්‍රතිශක්තිය නොමැති පුද්ගලයින්ට මෙහිදී දරුණු රෝග ලක්ෂණ මතු විය හැක. Omicron ප්‍රභේදය බරපතල නොවන බව සිතමින් වෛරස ව්‍යාප්තියට එරෙහිව ලිහිල් පියවර අනූගමනය කරන ස්ථාන ඇති බැවින් නැවත වරක් ආසාදන විරෝධී පියවර සමාලෝචනය කිරීම අවශ්‍ය වේ " යනුවෙන් Tokyo විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා ආයතනයේ පර්යේෂකයෙකු සහ පද්ධති වෛරස් විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන Kei Sato මෙහිදී සිය අදහස් දක්‌වමින් කියා සිටියේය.

165 Views

Comments