තවමත් අභිරහසක්ව පවතින හිටපු අගමැති මරාදැමූ වෙඩික්කරුගේ චේතනාව


හිටපු අගමැති තුමාගේ ඝාතනයට හේතුව තවමත් අභිරහසකි

.

රටේ දේශපාලන ඉතිහාසයට කැළලක් එක් කරමින් සිකුරාදා දින පෙරවරු 11:30 ට පමණ Nara නගරයේ පැවැති මැතිවරණ ප්‍රචාරණ කටයුතු අතරතුරදී ජපානයේ හිටපු අගමැති Shinzo Abe වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකාර 41 හැවිරිදි Tetsuya Yamagami සතුව පැවැති මරණීය චේතනාව පිළිබඳ නිශ්චිත තොරතුරු හෙළිකර ගැනීම සඳහා ජපාන පොලිස් නිලධාරීන් අඛණ්‌ඩව සෙනසුරාදා දිනයේදීත් සිය උත්සාහයන් ආරම්භ කර ඇති බව වාර්තා වේ. 

 

එතුමාගේ දේශපාලන විශ්වාසයට විරුද්ධ වූ නිසා තමා අපරාධය කළ බව සැකකරු විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුට Abe සම්බන්ධ යැයි විශ්වාස කළ හැකි ආගමික කණ්ඩායමක් හෝ විශේෂිත සංවිධානයක් කෙරෙහි අමනාපයක් තිබී ඇති බව" Yamagami උපුටා දක්වමින් පොලිසිය මෙහිදී සදහන් කළේය. 

 

Yamagami මෙහිදී වෙඩි තැබීම සදහා තමන් විසින්ම නිවසේදී නිර්මාණය කරන ලද තුවක්කුවක් භාවිතා කර ඇති අතර පොලිස්‌ නිලධාරීන් සිකුරාදා දින ඔහුගේ නිවස සෝදිසි කරන විට එහි තිබී පුපුරණ ද්‍රව්‍ය යැයි සැලකෙන ද්‍රව්‍ය සහ එවැනිම තුවක්කු ආකෘති සොයාගැනීමට හැකිව තිබේ.

149 Views

Comments