ජපානය වටා සිදුකරන නිරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට එකඟ වූ චීනය සහ රුසියාව


චීනය හා රුසියාව ජපානය අවට සිදු සිදුකරන නිරීක්ෂණ තවදුරටත් පවත්වාගෙන යයි

.

Tokyo විසින් Beijing සහ Moscow සමඟ පවත්වනු ලැබූ සබඳතා මෑතක සිට පිරිහෙමින් පවතින බැවින් “ජපානයට එරෙහිව සිදුකරනු ලබන උපායමාර්ගික වැළැක්වීම ” ඉහළ නැංවීම සඳහා සිය නිරීක්ෂණ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමට චීන සහ රුසියානු හමුදා නිලධාරීන් එකඟ වී ඇති බව මේ සම්බන්ධ සමීප මූලාශ්‍ර බ්‍රහස්පතින්දා නිවේදනය කළේය. 

 

නමුත් ජපානයේ සහ චීනයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් අතර පසුගිය ජූනි මාසයේ පැවති මාර්ගගත සාකච්ඡාවකදී ජපානය වටා ඒකාබද්ධ නිරීක්ෂණ කිසිවක් සිදු නොකිරීමට ගිවිසුමක් ඇති කර ගෙන තිබූ බැවින් චීනය සහ රුසියාව එවැනි ක්‍රියාමාර්ග ගැනිමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බව චීන ආරංචි මාර්ග සඳහන් කළේය. 

 

කෙසේ වුවත් නැවත එක්සත් කළ යුතු කැරලිකාර පළාතක් ලෙස සැලකෙන තායිවානය සම්බන්ධයෙන් Tokyo විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව Beijing සිය අමනාපය ප්‍රකාශ කර ඇති අතර රුසියාවේ විදේශික යුක්‍රේනය ආක්‍රමණය හමුවේ නැගෙනහිර චීන මුහුද ඇතුළු ජපන් දූපත් සමූහය අවට මුහුදේ යුදමය ක්‍රියාකාරකම් වැඩි කිරීම චීනයේ අපේක්ෂාව බව මෙහිදී අදහස් දක්‌වමින් විශේෂඥයන් පැවසූහ.

126 Views

Comments