නිවර්තන කුණාටුව දකුණේ සිට ජපානය දක්වා වර්ධනය විය හැකි බවට අනාවරණ.


ජපානයේ ප්‍රදේශ කිහිපයකට නිවර්තන කුණාටුව බලපෑ හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

.

ජපානයට දකුණු දෙසින් පවතින නිවර්තන පීඩන අවපාතයක් සති අන්තයේ දිවයිනට ළඟා වන විට නිවර්තන කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව ජපාන කාලගුණ බලධාරීන් පවසා සිටී. 

 

ප්‍රධාන වශයෙන් Tokai, Kinki සහ Kanto-Koshin ප්‍රදේශවලට ඉරිදා දක්වා අකුණු සහිත අධික වර්ෂාවක් ඇති වේයැයි පුරෝකථනය කර ඇති අතර එමඟින් පැයට මිලිමීටර් 50 ට වැඩි ප්‍රාදේශීය වැසි ඇති වීමට හැකියාවක් ඇත. 

 

ඉරිදා උදෑසන සිට ඉදිරි පැය 24 තුළ Tokai හි මිලිමීටර් 100 සිට 200 දක්වා වර්ෂාපතනයක් ඇති විය හැකි බව වාර්තා වේ. සුළං ප්‍රධාන වශයෙන් බටහිර සහ නැගෙනහිර ජපානයේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් තීව්‍ර වනු ඇති අතර සමහර ප්‍රදේශවල උස් රළ ඇතිවීමටද ඉඩකඩ ඇත. නායයෑම්, පහත් බිම්වල ගංවතුර මෙන්ම ටොනේඩෝ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

121 Views

Comments