බටහිර ජපානයේ Kobe ප්‍රාන්තයේ Kansai කලාපය තුළ පිහිටා ඇති ලොකු කුඩා සියලුදෙනා අතර වඩාත් ජනප්‍රිය වෙරළ තීරයක් වන Suma වෙරළ තීරය COVID-19 ව්‍යාප්තිය හමුවේ වසා දමා වසර තුනකට පසු පළමු වරට පසුගිය ජූලි 7 වන දින පිහිනුම් ක්‍රීඩකයින් සඳහා විවෘත කළ බව Kobe නාගරික රජය නිවේදනය කළේය.
මෙහිදී පවුල්වල සියලු සාමාජිකයන් හට වෙරළ තීරයට එක්වී ආරක්ෂිතව විනෝද වීමට හැකිවන පරිදි JR Suma දුම්රිය ස්ථානය ඉදිරිපිට පිහිටි කලාපය ඇතුළු වෙරළ තීරයන් දෙකක් "Smile Beach Areas" ලෙස නම් කර ඇති අතර අමුත්තන්ට මෙම ප්‍රදේශවලට මත්පැන් ගෙන ඒම හා පානය කිරීම තහනම් කර තිබේ.
එමෙන්ම පැමිණෙන සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වෙරළ තීරයේ ජෙලිෆිෂ් විකර්ෂක දැල් සවි කර ඇති අතර Kobe නගරයේ Kita Ward හි සිට තම පවුලේ අය සමඟ වෙරළට පැමිණි 5 හැවිරිදි Soichiro Ohara “වතුර හරිම ලස්සනයි” යනුවෙන් පවසමින් සතුටින් වතුර විසි කරන ආකාරය සහ විනෝද වන ආකාරය වෙරළ යළි විවෘත කළ දින පැමිණි සියලු දෙනාට දැකගත හැකි විය.