ඉරාන අගනුවර ආරක්ෂා කිරීමට උත්සාහ ගන්නා චිත්‍ර ශීල්පියෝ


ඉරානය ආරක්ෂා කිරීමේ පණිවිඩ ලබා දීමට එරට චිත්‍ර ශිල්පියන් උත්සාහ ගනියි

.

ඉරානයේ Tehran නගරය තුළ සෙමින් ගමන් කරනු ලබන වාහන මගින් ඇතිවන ගමනාගමන තදබදය, ගිම්හාන තාපය සහ වාහන වලින් පිටවන අධික දුමාරය හේතුවෙන් හුස්ම හිරවීම වැනි තත්ත්ව වලට හුරුවී සිටින නගර වැසියන්ට ඓතිහාසික චමත්කාරය පිළිබඳව අතිශය සතුටට පත් වන එළිමහන් චිත්‍ර ශිල්පීන් රාශියක් නගරය පුරා විවිධ ස්ථානවල රැදී සිටින ආකාරය දැකගත හැකි වන අතර එය දූවිලි සහිත ජනාකීර්ණ අගනගරයේ පුදුමයට පත් විය යුතු කරුණක් ලෙස සැලකේ .

 

19 වැනි ශතවර්ෂයේ මහල් නිවාස නවීන උස් ගොඩනැගිලි සඳහා ඉඩ සලසන බැවින් රට තුළ පිහිටි පෞරාණික ප්‍රදේශ බොහෝමයක් මේ වනවිට ඩෝසර් කර තිබීම හේතුවෙන් Tehran නගරයේ අතුරුදහන් වෙමින් පවතින පැරණි අසල්වැසි ප්‍රදේශ අල්ලා ගැනීම පමණක් නොව, ඒවා ආරක්ෂා කර ගැනීමට උපකාර කිරීම මෙම එළිමහන් චිත්‍ර ශිල්පීන්ගේ මෙම කර්තව්‍යයේ අරමුණ ලෙස දක්වා තිබිණි . 

 

“සිතුවම් අපව අතීත නිර්මාණ සහ අතුරුදහන් වන හැඟීම් සමඟ සම්බන්ධ කරයි. ඒවා අපිට පුරාණ මතක රඳවලා තියාගන්න උදව් කරනවා. බලන්න කොච්චර පරණ ලස්සන ගොඩනැගිලි සුන්බුන් වෙලාද කියලා" යනුවෙන් 32 හැවිරිදි වඩු කාර්මිකයෙකු, කලා රසිකයෙකු සහ Tehran නගරයේ පදිංචිකරුවෙකු වන Morteza Rahimi මෙහිදී කියා සිටියේය. 

 

"සමාජ මාධ්‍ය මගින් ඓතිහාසික, පැරණි ගොඩනැගිලි අනතුරේ හෙලනු ලබන අවදානම් තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බැවින් මිනිසුන් පැරණි ස්ථානවල වටිනාකම ගැන ඉගෙන ගනිමින් ඔවුන්ගේ සංස්කෘතික හා කලාත්මක මානයන් කෙරෙහි අවධානය යොමු කර ඇත"යනුවෙන් කලා විශේෂඥ Mostafa Mirzaeian චිත්‍ර ශිල්පීන්ගේ වෑයම සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් පැවැසීය.

90 Views

Comments