උතුරු කොරියාවේ ක්‍රියාකලාපය පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට එක්රැස් වූ රාජ්‍ය නායකයෝ


උතුරු කොරියාවේ ක්‍රියාකලාපය පිළිබඳව ලෝක ප්‍රබලයන් සාකච්ඡා කරයි

.

ඉන්දුනීසියානු Bali දූපතේ දී පසුගිය සිකුරාදා දින ආරම්භ වූ විදේශ අමාත්‍යවරුන්ගේ දෙදින කණ්ඩායම් රැස්වීමට සමගාමීව ජපානය, එක්සත් ජනපදය සහ දකුණු කොරියාව යන රටවල විදේශ අමාත්‍යවරුන් උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල තර්ජනය වලට ප්‍රතිචාර දැක්වීම පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් ත්‍රෛපාර්ශ්වික හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ .

 

දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol බලයට පත්වීමෙන් පසු ජපාන විදේශ අමාත්‍ය Yoshimasa Hayashi, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් Antony Blinken සහ දකුණු කොරියානු විදේශ අමාත්‍ය Park Jin අතර පැවැත්වෙන පළමු හමුව මෙය ලෙස සැලකේ.

 

වසර ආරම්භයේ සිට උතුරු කොරියාවේ Pyongyang විසින් නැවත නැවතත් බැලස්ටික් මිසයිල අත්හදා බැලීම සහ හුදකලා ජාතිය එහි හත්වන න්‍යෂ්ටික අත්හදා බැලීම එනම් 2017 න් වසරෙන් පසු සිදුකරන පළමු අත්හදා බැලීම සිදු කරනු ඇතැයි යන බිය වර්ධනය වෙමින් පවතින මොහොතක මෙලෙස සාකච්ඡාවක් පැවැත්වීමට ඔවුන් පියවර ගෙන තිබේ.

86 Views

Comments