ගෝලීය ආතතීන් සමනය කිරීමට උත්සාහ කළ එක්සත් ජනපදය සහ චීනය


ගෝලීය ගැටලු විසඳීමට චීනය හා එක්සත් ජනපදය එකතුවේ

.

Washington සහ Beijing අතර බිඳවැටෙමින් පවතින මෑත කාලීන සබඳතා මධ්‍යයේ ඇති දැඩි සතුරුකම පාලනය කිරීමට හෝ අවම වශයෙන් කළමනාකරණය කිරීමට ගනු ලබන නව උත්සාහයක් ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් Antony Blinken සෙනසුරාදා දින ඔහුගේ චීන සහචරයා වූ විදේශ අමාත්‍ය Wang Yi හමුවී තිබේ .

 

ඉන්දුනීසියානු Bali නිකේතනයේ පැවැති G-20 සාකච්ඡා වලින් දිනකට පසුව දෙරටේ නායකයින් එකිනෙකා හමූවී ඇති අතර තායිවානයට පනවා තිබෙන තීරුබදු හා වෙළඳාම මෙන්ම මානව හිමිකම් හා දකුණු චීන මුහුදේ ආරවුලේ සිට මතභේදාත්මක කරුණු රාශියක් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ. 

 

"එක්සත් ජනපදය සහ චීනය අතර ඇති සම්බන්ධය තරම් සංකීර්ණ හා ප්‍රතිවිපාක සහිත සම්බන්ධතාවයක, කතා කිරීමට බොහෝ දේ ඇති අතර, ඵලදායී, නිර්මාණාත්මක සංවාදයක් සඳහා මම බොහෝ සෙයින් මඟ බලා සිටිමි" යනුවෙන් මෙහිදී අදහස් දක්‌වමින් Blinken ප්‍රකාශ කළේය. 

 

"දෙරටේ සාමාන්‍ය හුවමාරු පවත්වා ගැනීමට සහ මෙම සබඳතාව නිවැරදි මාර්ගය ඔස්සේ ඉදිරියට යන බව සහතික කිරීම සඳහා එකට වැඩ කිරීමට අවශ්‍ය වේ " යනුවෙන් සාකච්ඡා අවසානයේදී චීන විදේශ අමාත්‍ය Wang Yi පැවසීය.

 

"අන්‍යෝන්‍ය ගෞරවය", "සාමකාමී සහජීවනය", "ජය-ජය සහයෝගීතාවය" යන මූලධර්මවලට කැපවී සිටීම මෙන්ම "දෙරටේ සහ ජාතීන් දෙකේ අවශ්‍යතා සඳහා සේවය කිරීම " යන තේමාවන් ජාත්‍යන්තර ප්‍රජාවේ හවුල් අපේක්ෂාව බවට පත්ව තිබෙන බව මෙහිදී තවදුරටත් අදහස් දක්‌වමින් Wang Yi කියා සිටියේය.

118 Views

Comments