තම පෙම්වතිය හෝටලයකදී ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගැනේ


පෙම්වතිය ඝාතනය කළ පුද්ගලයා අත්අඩංගුවට පත්වේ

.

Fuka Yamaguchi නම් 18 හැවිරිදි තරුණියක් ප්‍රේම හෝටලයකදී ඝාතනය කළ බවට සැකපිට Saitama ප්‍රාන්තයේ පදිංචිව සිටි ස්ථිර රැකියාවක් නොමැති 37 හැවිරිදි Yuta Miyagi නම් පුද්ගලයෙකු Tokyo පොලිසිය විසින් සඳුදා දින අත්අඩංගුවට ගෙන තිබේ . 

 

ඔහු එදින අලුයම 4.15 ට පමණ Ikebukuro හි koban පොලිස් ස්ථානය වෙත පැමිණ " තමන් ප්‍රේම හෝටල් කාමරයකදී සිය පෙම්වතියගේ ගෙල සිර කළ බවට " නිලධාරීන්ට පවසා ඇති අතර ඒ මොහොතේම JR Ikebukuro දුම්රිය ස්ථානයේ සිට මීටර් 500 ක් දුරින් පිහිටා තිබූ හෝටලය වෙත ළගා වූ නිලධාරීන් හට එම ස්ථානයේදීම මියගොස් නාන තටාකය තුළ වැටී සිටි තරුණියගේ සිරුර හමුවී ඇත . 

 

" මීට වසරකට පමණ පෙරදී Shinjuku හි වාසය කළ තරුණිය තමාට මුණගැසුණු බවත් එතැන් සිට ඔවුන් තුන් වතාවක් පමණ මෙලෙස එකිනෙකා හමුවූ බවත් Miyagi විසින් පාපොච්චාරණය කර ඇති අතර ඇය වෙනත් පිරිමින් දැක ඇති බවට ඇගේ ජංගම දුරකථනය පිරික්සීමෙන් තමාට තහවුරු වීම නිසා ඇතිවූ කෝපය ඇයව මරා දැමීමට හේතුවූ බව ද ඔහු වැඩිදුරටත් කියා සිටි බව වාර්තා වේ.

97 Views

Comments