පාකිස්තානයට අඛණ්ඩව ඇද හැලෙමින් පවතින මෝසම් වර්ෂාව හේතුවෙන් රටේ සමහර ප්‍රදේශවල හදිසි ගංවතුර තත්ත්වයන් උද්ගතව ඇති අතර පසුගිය මාසය තුළදී පමණක් වර්ෂාව ආශ්රිත සිදුවීම්වලින් මියගිය සංඛ්‍යාව කාන්තාවන් සහ ළමුන් 88 දෙනෙකු ඇතුලත්ව 147 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සදුදා දින කියා සිටියේය.
වර්ෂාව හේතුවෙන් රට පුරා පිහිටි නිවාස, මාර්ග, පාලම් සහ විදුලි බලාගාර විශාල සංඛ්‍යාවකට හානි සිදු වූ අතර සඳුදා දිනය නිමා වනවිට ප්‍රධාන දකුණු වරාය නගරයක් වන Karachi හි තත්වය විශේෂයෙන් දරුණු වී තිබූ අතර ජලයෙන් යට වී ඇති වීදිවලින් ජලය බැස යාමට සහ අවතැන්ව සිටින මිනිසුන් ඉවත් කිරීමට දරන ප්රයත්නයන්ට සහාය වීම සඳහා බලධාරීන් විසින් නිල නොවන යුධ බළකායේ භටයන් පවා සේවයට කැඳවා තිබිණි.
සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අධික වර්ෂාපතනයක් පකිස්ථානය තුළ ඇතිවීමට ප්‍රධාන හේතුව දේශගුණික විපර්යාස බවට මෙහිදී විශේෂඥයින් අදහස් දැක්වූ අතර ඉස්ලාම්බාද් සහ නැගෙනහිර පන්ජාබ් පළාතට ද Karachi වලට මෙන්ම ධාරානිපාත වර්ෂාවක් පතිත වීම සිදුවිය.