එක්සත් ජනපදය සහ ජපානය අතර ඒකාබද්ධ සාකච්ඡා ඇරඹේ


එක්සත් ජනපදය හා ජපානය අතර සබඳතාව වර්ධනය වේ

.

මේ සතියේ අග භාගයේදී ඉන්දුනීසියාවේ Bali දූපතේ පැවැත්වීමට නියමිත G-20 මූල්‍ය නායකයින්ගේ රැස්වීමට සහභාගී වීමට පෙර උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජපානය සමග ද්වී පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කිරීම සඳහා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් Janet Yellen අඟහරුවාදා දින Tokyo වෙත පැමිණි අතර ඇය එහිදී සහ ජපානයේ මුදල් අමාත්‍ය Shunichi Suzuki හමුවී තිබේ. 

 

යුක්‍රේන යුද්ධයෙන් ඇතිවූ අභියෝග සමඟ එක්ව කටයුතු කිරීම, නිදහස් වෙළඳාම, තිරසාර ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් නායකයින් දෙදෙනාම සිය සහයෝගීතාවයට මෙහිදී පළ කර ඇති බව වාර්තා වේ. 

 

මෙහිදී Yellen මහත්මිය විසින් රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව ඵලදායී සම්බාධක පැනවීමේ වැදගත්කම අවධාරණය කළ අතර Moscow හමුදාව වෙතට අරමුදල් යෑම සීමා කරමින් රුසියානු තෙල් සඳහා මිල සීමාවක් පැනවීමේදී ජපානයේ සහ අනෙකුත් ජාතීන්ගේ සහාය ලබා ගැනීමට එක්සත් ජනපදය අපේක්ෂා කරන බව සදහන් කළාය. 

 

"අපගේ ජාතික අවශ්‍යතාවලට මෙන්ම ගෝලීය ස්ථාවරත්වයට සහ සමෘද්ධියට බලපාන බොහෝ හදිසි ප්‍රමුඛතා පිළිබඳව අපගේ රජයන්ට පොදු අදහස් සහ අවශ්‍යතා ඇත. අපි එකට වැඩ කරන විට එකිනෙකාට වඩාත් ඵලදායී වේ"  යනුවෙන් Yellen තවදුරටත් මෙහිදී සදහන් කර තිබේ. 

 

Yellen ගේ ආගමනය සාදරයෙන් පිළිගත් Suzuki මෙහිදී අදහස් දක්‌වමින් කියා සිටියේ" ජාත්‍යන්තර ප්‍රජාව බොහෝ අභියෝගවලට මුහුණ දෙන විට, එක්සත් ජනපදය සහ ජපානය එකට වැඩ කිරීම වෙන කවරදාටත් වඩා වැදගත් වේ" යනුවෙනි.

173 Views

Comments