ජපානයේ නව COVID-19 රෝගීන් සංඛ්‍යාව යළිත් වරක් ඉහළට


ජපානයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහල යයි

.

නිල දත්ත වාර්තා වලට අනුව Omicron හි BA.5 උප ප්‍රභේදයේ සීග්‍ර ව්‍යාප්තිය හේතුවෙන් පෙබරවාරි 17 වන දිනෙන් පසු ප්‍රථම වරට ජපානයේ නව දෛනික COVID-19 රෝගීන් සංඛ්‍යාව බදාදා දින 90,000 සීමාවට ළගා වූ අතර එය හත්වන ආසාදන රැල්ලක ආරම්භය විය හැකි බව මහජන සෞඛ්‍ය විශේෂඥයින් මෙහිදී පෙන්වා දී තිබේ. 

 

මෙහිදී අඛණ්ඩව දෙවන දිනය සඳහාත් 10,000 සීමාව ඉක්මවා ගොස් Tokyo අගනුවරින් COVID-19 ආසාදිතයින් 16,878 ක් සහ පෙබරවාරි 26 න් පසු පළමු වතාවට රෝගීන් 10,000 සිමාව ඉක්මවා ගොස් Osaka ප්‍රාන්තයෙන් රෝගීන් 10,452 ක් වාර්තා වී තිබේ.  

 

විශේෂඥ මණ්ඩලයක රැස්වීමකදී සෞඛ්‍ය අමාත්‍ය Shigeyuki Goto නව ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් කියා සිටියේ "රටේ බොහෝ ප්‍රදේශවල නව ආසාදන තවදුරටත් ඉහළ යනු ඇතැයි රජය පුරෝකථනය කරන බැවින් ආසාදන වළක්වා ගැනීම සදහා ජනතාව මුව ආවරණය පැළඳීම වැනි පියවර ගන්නවාට අපි කැමතියි " යනුවෙනි . 

 

සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශයේ දත්ත වලට අනුව අඟහරුවාදා දින තුළ වාර්තා වූ COVID-19 ආසාදන සංඛ්‍යාව සතියකට පෙර පැවති මට්ටමට වඩා 2.14 ගුණයකින් ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් එළැඹෙන අගෝස්තු මස මැද භාගයේ Bon ගිම්හාන නිවාඩු කාලයට සමගාමීව අගෝස්තු 5 සිට 18 දක්වා ජපානය පුරා ප්‍රධාන ගුවන් තොටුපළවල් වල සහ දුම්රිය ස්ථානවල ආසාදන පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීමට රජය සැලසුම් කර ඇති බව රජයේ ආරංචි මාර්ග සදහන් කළේය.

109 Views

Comments