නැසීගිය සම්භාව්‍ය ජපන් චිත්‍ර ශිල්පීයෙකු වූ Taro Okamoto (1911-1996) විසින් වයස අවුරුදු 20 දී පමණ පැරීසියේදී අඳින ලදැයි සැලකෙන තෙල් සිතුවම් තුනක් සොයා ගැනීමට හැකිවූ බව Taro Okamoto පදනම පසුගියදා නිවේදනය කළ අතර සමකාලීන කලාව ප්‍රවර්ධනය කිරීම සඳහා වූ පදනම සිය සොයාගැනීමේ ඓතිහාසික වැදගත්කම අවධාරණය කරමින් කියා සිටියේ "Okamoto ගේ කලා ප්‍රහේලිකාවේ අවසාන කොටස මේ වනවිට සොයාගෙන ඇති බවයි. "
ඔහු චිත්‍ර ශිල්පය හැදෑරීම සඳහා 1930 දී එනම් වයස අවුරුදු 20 දී ප්‍රංශයට ගොස් ඇති අතර පැරිසියේ ගත කළ වසර 10 ක කාලය තුළදී මෙම කලා කෘති තුන පින්තාරු කරන්නට ඇති බව විශ්වාස කෙරේ. 1990 දශකයේ මුල් භාගයේදී ප්‍රංශ ජාතිකයෙකු විසින් පැරිසියේ චිත්‍රාගාරයක තිබී මෙම සිතුවම් තුන ලබා ගෙන ඇති අතර කැන්වස් රෙද්දේ පසෙකින් යොදා තිබෙන අත්සන් මත පදනම්ව, සිතුවම් ත්‍රිත්වය Okamoto ගේ කෘති විය හැකි යැයි විශ්වාස කෙරේ.
මෙම වසරේ Osaka හි පැවැත්වීමට නියමිත ඔහුගේ ප්රතිගාමී ප්‍රදර්ශනය නිමිත්තෙන් මෙම කලා කෘති ජපානයට මාරු කිරීමට පියවර ගෙන තිබූ අතර "මේවා තරුණ Taro තමාගේම ප්රකාශනය තහවුරු කර ගැනීමට වෙර දරමින් සිටි කාලයක වාර්තා වන අතර අපි ඔහුගේ කෘති වල වඩාත් මූලික කොටස් සොයා ගැනීමට සමත්ව ඇත " යනුවෙන් අගනුවර පැවති මාධ්‍ය හමුවකදී Taro Okamoto අනුස්මරණ කෞතුකාගාරයේ අධ්යක්ෂ Akiomi Hirano මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේය.
පර්යේෂණයට සම්බන්ධ වූ Meiji Gakuin විශ්ව විද්‍යාලයේ කලා ඉතිහාසඥයෙකු සහ මහාචාර්යවරයෙකු වන Yuji Yamashita සඳහන් කළේ "මෙම කෘතීන් අතිශයින් අවසන් වී නැත, නමුත් අරගල කරන තරුණ Taro ඔහුගේම ප්රකාශනය හඹා යන ආකාරය අපට දැකිය හැකිය" යනුවෙනි.