වයෝවෘද්ධ පුද්ගලයෙකුට පිහියකින් පහර දී පලා ගිය කාන්තාවක්


මහලු පුද්ගලයකුට පිහි ඇනුමක් සිදුකර කාන්තාවක් පලා යයි

.

Saitama ප්‍රාන්තයේ Nishi ප්‍රදේශයේදී බදාදා රාත්‍රී 7.50 ට පමණ සිය නිවසට යමින් සිටි 67 හැවිරිදි පුද්ගලයෙකු නාදුනන කාන්තාවක් විසින් එල්ල කරන ලද පිහි ප්‍රහාරයකට ගොදුරුව ඇති බව වාර්තා වේ. 

 

පොලිසියට අනුව, මෙම වයෝවෘද්ධ පුද්ගලයා පාරේ ඇවිදිමින් සිට ඇති අතර නොදන්නා කාන්තාවක් ඔහු අසලට ගොස් ක්ෂණිකව ඔහුගේ දකුණු වැලමිට අසල කපා පලා ගොස් තිබේ. එම පුද්ගලයා 110ට අමතා සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කළ බවත් ඔහුව රෝහලට ගෙන ගිය පසුව සෙන්ටිමීටර 15ක පමණ දිගකින් යුතු ඔහුගේ තුවාලය ජිවිතයට බරපතල හානියක් ගෙන නොදෙන බවට වෛද්‍යවරුන් පැවැසූ බවත් පොලීසිය සඳහන් කළේය. 

 

වයස අවුරුදු 30 - 40 අතර වූ සැකකාර කාන්තාව උසින් සෙන්ටිමීටර 160 ක් පමණ වන බවත් අවසන් වශයෙන් දකින විට ටී ෂර්ට් එකක් සහ දිගු කලිසමක් ඇඳ සිටි බවත් පුද්ගලයා පොලීසියට විස්තර කර ඇත.

 

මෙහිදී අදහස් දක්‌වමින් නිලධාරීන් කියා සිටියේ "ජුලි 4 වැනි දින එම ප්‍රදේශයේම පුද්ගලයන් කීපදෙනෙකු දෙසට දැලි පිහියක් පෙන්වමින් සිටිනු දුටු ප්‍රහාරකයා එම කාන්තාවම විය හැකි බවට සැක පළ වී ඇති බැවින් සැකකාර කාන්තාව හඳුනා ගැනීම සඳහා වීදි නිරීක්ෂණ කැමරා දර්ශන පරීක්‍ෂා කරන බවයි."

68 Views

Comments