ජපානයේ සම්ප්‍රදායික නාට්‍ය පුනර්ජීවනය කළ Donald Kneene ගේ shamisen ප්‍රසංගය


Donald kneeneට උපහාරයක් ලෙස නාට්‍ය ප්‍රසංගයක් සංවිධානය වේ

.

දිගු කලක් තිස්සේ අහිමි වී ගිය ජපන් සම්ප්‍රදායික නාට්‍යය කලාව නැවත පණගැන්වීමේ පුරෝගාමියකු ලෙස ක්‍රියා කළ Donald Kneene විසින් තම දරුවා ලෙස හදාගත් Seiki Keene නම් පුත්‍රයා පසුගිය ජූලි 12 වන දින සිය පියාට උපහාර දැක්වීම වෙනුවෙන් shamisen ප්‍රසංගයක් පවත්වා ඇති බව වාර්තා වේ .

 

නැසීගිය තම පියාගේ ආශාව බවට පත්වූ "ජපන් සම්ප්‍රදායික Bunraku රූකඩ සංදර්ශන සඳහා shamisen ප්‍රසංග අඛණ්‌ඩව සිදු කරගෙන යාම ඉටු කිරීමට මෙන්ම Donald Kneene  අනුස්මරණ පදනමේ ප්‍රධානියා ලෙස Keene ගේ ශාස්ත්‍රීය උරුමය සහ මතකය ලෝකයට ලබා දීමේ යුතුකම ඉටු කිරීම " Seiki ගේ අරමුණ බවට පත්ව ඇති බව පැවැසේ . 

 

මාලිගා ගොඩනැගිල්ලේ කෙලවර පිහිටි ශාලාවකදී, පුද්ගලයන් 50 දෙනෙකුගෙන් පමණ සමන්විත ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ, Seiki විසින් Haiku කවියෙකු වන Matsuo Basho විසින් රචිත "Oku no Hosomichi" එනම් "Oku වෙත පටු මාවත" හි ආරම්භක කොටස් විස්තර කර ඇති අතර එය තම පියාණන්ගේ "ජීවිත කාලය පුරාවට පැවැති පර්යේෂණ තේමාව" බව Seiki මෙහිදී පවසා තිබේ.

93 Views

Comments