එක්සත් ජනපදයේ සිදු කළ සංචාරයක නිරතව සිටි ජපාන ඩිජිටල් පරිවර්තන අමාත්‍ය Karen Makishima හට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ බව ඒජන්සිය බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.
සංචාරය නිමා කර නැවත ජපානයට යාමට පෙර සිදුකළ PCR පරීක්ෂණය මගින් ඇය Corona වෛරසය සඳහා ධනාත්මක බවට සොයාගෙන ඇති අතර Makishima විසින් මේ වනතෙක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නොමැති බැවින් හෝටලයක හුදෙකලාව නැවතී විවේකීව සිටින බව මෙහිදී ඒජන්සිය සදහන් කළේය.
ඇය සමඟ පැමිණි කාර්ය මණ්ඩලයේ අනෙකුත් සියලුම සමාජිකයින් පරීක්ෂණය සදහා සෘණාත්මක බව පෙන්වා තිබූ අතර සෙනසුරාදා දිනය වනවිට ජපානයට පැමිණීමට නියමිතව සිටියද ඇයගේ ආගමනය ප්‍රමාද විය හැකි බවට පැවැසේ.
සඳුදා දින එක්සත් ජනපදයට පැමිණි Makishima රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර ඇයගේ සංචාරය අතරතුරදී එක්සත් ජනපද බුද්ධි මණ්ඩලයකට ද දේශනයක් පවත්වා තිබේ.