මහ ජනතාවගේ එදිනෙදා කටයුතු වලට කිසිම බාධාවක් නො කරමින් ජපාන ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව ජපාන අගමැති Fumio Kishida පවසා තිබේ. ජපානය පුරා මින් පෙර පැතිර ගිය අධික කොරෝනා වසංගතය හේතුවෙන් හා දැනට ද පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකයට සිදුවෙන දැඩි හානි නැවත පුනරුත්ථාපනයට කටයුතු කිරීමට සැලසුම් සකස් කරන බව ජපානයේ corona කාර්ය සාධක බලකාය හමුවෙමින් ඔහු පවසාතිබේ.
ජපානයේ සෞඛ්‍ය පද්ධතිය තව තවත් ශක්තිමත් කරමින් මහජනතාවගේ සමාජයීය හා ආර්ථික පරිසරයන් හට හානියක් නොවන පරිදි ජපානය නැවත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු සූදානම් කරන බව ඔහු පසුගියදා පැවති රැස්වීමක දී පවසා තිබේ.