ජපානයට පැමිණීමට නියමිතව සිටින දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා


දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා ජපානයේ සංචාරයක නියැලීමට සූදානම් වේ

.

ජාතීන් ද්විත්වය තුළම අතීතයේ පටන් පැවත එන අයිස් සබඳතා දියකර හැරීමේ අපේක්ෂා මධ්‍යයේ ජපාන අගමැති Fumio Kishida හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් දකුණු කොරියානු විදේශ අමාත්‍ය Park Jin එළැඹෙන සදුදා දින ජපානයට පැමිණීමට සැලසුම් කර ඇති බව මේ සම්බන්ධ හුරුපුරුදු මූලාශ්‍ර බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.  

 

අනතුරුව සිය ජපාන සහකරු වන Yoshimasa Hayashi හමුවීමට ද Park සැලසුම් කර ඇති අතර නායකයින් දෙදෙනා අතර පැවැත්වෙන පළමු විධිමත් ද්විපාර්ශ්වික සාකච්ඡාව මෙය වනු ඇති බවට ආරංචි මාර්ග සඳහන් කළේය .

 

දකුණු කොරියානු ජනපතිගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වූ Hayashi විසින් එකල විදේශ අමාත්‍ය ධුරය අපේක්ෂාවෙන් සිටි Park Jin හට සිදු කරන ලද ආරාධනයකට අනුව සංචාරය සිදුකෙරෙන අතර හිටපු අගමැති Shinzo Abe ගේ මරණය සම්බන්ධයෙන් Kishida සහ Hayashi වෙත සිය ශෝකය ප්‍රකාශ කිරීම ද එහි එක් අරමුණක් ලෙස දක්වා තිබේ.

 

පසුගිය ඉරිදා පැවැති ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ වීමට පෙර Park ගේ සංචාරය සැලසුම් කර තිබූ නමුත් Seoul සමඟ පවතින සහනශීලී මනෝභාවය මගින් ගතානුගතික ඡන්දදායකයින්ට ඇති කළ හැකි ඍණාත්මක බලපෑම පිළිබඳව නායකයින් තුළ ඇතිව තිබු කනස්සල්ල හේතුවෙන් එය කල් දැමීමට සිදු වූ බව පැවැසේ.

114 Views

Comments