2025 වර්ශයේ දී පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට අනුග්‍රහය දැක්වීමට මලල ක්‍රීඩා කවුන්සිලය විසින් ජපානයේ ටෝකියෝ නුවර තෝරාගෙන තිබේ. මේ ජපානය විසින් එම ශූරතාවලියට අනුග්‍රහය දක්වන තුන්වන අවස්ථාවයි .
ටෝකියෝ නුවර ඇති ජාතික ක්‍රීඩාගාරය මෙම ක්‍රීඩා ඉසව් පැවැත්වීමට තෝරාගෙන ඇති අතර පසුගිය දා පැවති ඔලිම්පික් සහ පැරාඔලිම්පික් තරගද මෙම ක්‍රීඩාගාරයේ පවත්වා තිබේ. ජාත්‍යන්තර පරීක්ෂකවරුන් විසින් පසුගිය මැයි මාසයේදී මෙම ක්‍රීඩාගාරයේ තත්ත්වය පරීක්ෂා කිරීමට ටෝකියෝ නුවරට පැමිණ ඇත.