Dalai Lama ගේ Ladhak සංචාරය


Dalai Lama තුමා Ladhak සංචාරයක නිරත වේ

.

1959 දී චීන පාලනයට එරෙහිව දියත් කරන ලද අසාර්ථක කැරැල්ලකින් පසු පිටුවහල් කළ ටිබෙටයේ බෞද්ධ අධ්‍යාත්මික නායකයෙකු වන Dalai Lama සිකුරාදා දින චීනයට මායිම්ව පිහිටා ඇති ඉන්දියාවේ දුරස්ථ Ladhak කලාපයට පැමිණ ඇති අතර එහිදී ඔහුට ඉන්දියානු ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබී ඇති බව වාර්තා වේ. 

 

COVID-19 වසංගතයේ දරුණු ව්‍යාප්ති සමයෙන් පසුව ප්‍රථම වතාවට උතුරු ඉන්දියාවේ Dharmasala නගරයේ පිහිටි සිය කඳවුරෙන් පිටත සංචාරය කරන එතුමා පිළිගැනීම සඳහා සීතල කාන්තාර කලාපයේ Leh නගරයේ ගුවන් තොටුපළෙන් පිටත මාර්ගය දෙපස දහස් ගණනක් ජනයා පෙළ ගැසී සිටි අතර Dalai Lama දින 45 ක් පමණ Ladhak හි රැඳී සිටිනු ඇති බව සදහන් වේ. 

 

මේ මස මුලදී පැවැති එතුමාගේ 87 වැනි උපන්දිනය වෙනුවෙන් ඉන්දීය අගමැති Narendra Modi සිය සුබ පැතුම් එක් කර තිබූ අතර " චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට ටිබෙටය ආශ්‍රිත ප්‍රශ්න භාවිතා කිරීම නැවැත්විය යුතු බව පවසමින්" චීනය  ඊට එරෙහිව සිය විරෝධතාවයන් එල්ල කර තිබේ. 

 

නමුත් එහිදී ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වමින් චීන රජය වෙත කියා සිටියේ "ඔහු ඉන්දියාවේ ආගන්තුකයෙකු ලෙස සැලකීම සහ ඉන්දියාවේ විශාල අනුගාමිකයින් භුක්ති විඳින ගෞරවනීය ආගමික නායකයෙකු ලෙස සැලකීම අපගේ රජයේ ස්ථාවර ප්‍රතිපත්තියකි" යනුවෙනි.

96 Views

Comments