ආරක්ෂක පර්යේෂණ වියදම් ඉහළ නැංවීමට එකඟතාවය පළ කළ ජපාන අගමැති


ජපානයේ ආරක්ෂක පර්යේෂණ වියදම් තර කිරීමට තීරණය කෙරේ

.

සිය පාලක පක්ෂයේ සමාජිකයින් කණ්ඩායමක් විසින් 'ආරක්ෂක ක්‍ෂෙත්‍රයේ පර්යේෂණ සහ සංවර්ධනය යන අංශවල සැලකිය යුතු දියුණුවක් අපේක්ෂා කිරීමට නම් රජය විසින් එහි වියදම් වශයෙන් වසර පහක් ඇතුළත යෙන් ට්‍රිලියන 1 මුදලක් ආයෝජනය කළ යුතු බවට' මීට පෙරදී ඉදිරිපත් කළ යෝජනාවට ජුනි 16 වන බ්‍රහස්පතින්දා දින ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida සිය එකඟත්වය පළකර තිබේ. 

 

"එය අතිශයින් වැදගත් තේමාවකි. මම එය ඉතා බැරෑරුම් ලෙස සලකා ධනාත්මකව වැඩ කරන්නෙමි" යනුවෙන් Kishida මෙහිදී අදහස් දක්‌වමින් පැවැසූ අතර ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂ කණ්ඩායමේ මහලේකම් Masahisa Sato විසින් එය උපුටා දක්වන ලදී.

 

යුක්‍රේනයට එරෙහි රුසියානු යුද්ධයේදී කෘතිම බුද්ධිය, ක්වොන්ටම් තාක්‍ෂණය සහ ඩ්‍රෝන යානා වල දායකත්වය මගින් විශාල කාර්යභාරයක් ඉටු කෙරෙන බැවින් දිගුකාලීන ආරක්ෂක මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමේදී රජය මෙම යෝජනාවට අවධානය යොමු කර ඇති බව ජපානයේ ආරක්ෂක අමාත්‍ය Nobuo Kishi පැවසීය.

94 Views

Comments