COVID-19 වෛරසය හේතුවෙන් අත් හැරී ගිය කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය


කොරෝනා වසංගතය හේතුවෙන් ජපානයේ කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය මඟ හැරේ

.

COVID-19 වසංගතය හේතුවෙන් දෛනික සෞඛ්‍ය සේවා ක්‍රියාවලිය කඩාකප්පල් වීම මෙන්ම එන්නත් පිළිබඳ වැරදි තොරතුරු ව්‍යාප්ත කිරීම නිසා ලොව පුරා සිටින මිලියන 25 ක් පමණ වූ කුඩා දරුවන්ට ඩිප්තීරියා, Tetanus සහ කක්කල් කැස්ස යන පොදු රෝගවලට එරෙහිව දෙනු ලබන සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් මග හැරී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද නව වාර්තාව මගින් පෙන්වා දී තිබේ .

 

“ළමා ප්‍රතිශක්තිකරණය පහත වැටීමේ සලකුණක් වන මෙය ළමා සෞඛ්‍ය සඳහා රතු අනතුරු ඇඟවීමක්. පරම්පරාවක් තුළ ළමා ප්‍රතිශක්තිකරණයේ විශාලතම තිරසාර පහත වැටීම අපි දකිනවා. එහි ප්‍රතිවිපාක අපට මැනීමට සිදුවන්නේ අහිමි වූ ජීවිත වලිනි. මෙය මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට බෙහෙවින් බලපෑම් එල්ල කරයි " යනුවෙන් UNICEF හි විධායක අධ්‍යක්ෂ Catherine Russell කියා සිටියාය. 

 

මෙලෙස ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමට අපොහොසත් වූ කුඩා දරුවන්ගෙන් බහුතරයක් ඉතියෝපියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, නයිජීරියාව සහ පිලිපීනය වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වන අතර ගෝලීය වශයෙන් සෑම කලාපයකම එන්නත් ආවරණය පහත වැටුණද එහි නරකම බලපෑම නැගෙනහිර ආසියාවේ සහ පැසිෆික් කලාපයේ දක්නට ලැබේ.

Comments