100,000 සීමාව ඉක්මවා ගිය ජපානයේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව


ජපානයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් වැඩිවේ

.

පෙබරවාරි මස මුල සිට ප්‍රථම වරට සිකුරාදා දින ජපානයේ දෛනික COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව BA.5 Omicron උප ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ 100,000 සීමාව ඉක්මවා ඉහළ ගොස් 104,000 ක් ලෙස වාර්තා වී තිබු අතර, එමගින් රට හත්වන ආසාදන රැල්ලකට ඇතුළු වී ඇති බවට තහවුරු කරගෙන තිබේ. 

 

ආසාදන රට පුරා වේගයෙන් ව්‍යාප්ත වන මෙවැනි පසුබිමක සිව්වන COVID-19 එන්නත් මාත්‍රාව ලබා ගත හැකි පුද්ගලයින්ගේ විෂය පථය සියලුම වෛද්‍ය නිලධාරීන් සහ වැඩිහිටි සත්කාර පහසුකම්වල සේවකයින් දක්වා පුළුල් කිරීමට රජය අද දින තීරණය කර ඇති අතර රටේ සමුච්චිත COVID-19 ආසාදන සංඛ්‍යාව පෙර දින මිලියන 10 ට වඩා වැඩි වූ නමුත් අගමැති Fumio Kishida කියා සිටියේ ව්‍යාප්තියට එරෙහිව කිසිදු සීමාවක් පැනවීමට සැලසුමක් කර නොමැති බවයි.

 

අධි අවදානම් කණ්ඩායම් ආරක්ෂා කිරීම මෙන්ම ප්‍රතිකාර සහ රැකවරණය සඳහා ප්‍රමාණවත් පිරිස් සුරක්ෂිත කිරීම ඉලක්ක කරගත් එන්නත් වල නවතම ව්‍යාප්තිය ලබන සතිය මුල සිට ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

181 Views

Comments