එන්නත්කරණ මධ්‍යස්ථානයකට බලහත්කාරයෙන් කඩා වැදුණු YamatoQ සාමාජිකයන්


ජපාන එන්නත් කරන මධ්‍යස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වූ YamatoQ සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගැනේ

.

පසුගිය මාර්තු 15 වන දින උදෑසන අගනුවර Bunkyo Ward හි Tokyo Dome සමූහ එන්නත්කරන මධ්‍යස්ථානය වෙත අනවසරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වී සිටි YamatoQ එන්නත් විරෝධී කණ්ඩායමේ නායකයා සහ තවත් සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළුව සමස්ථ සාමාජිකයින් අට දෙනෙකුට ජූලි 13 වන දින පොලිසිය විසින් නව වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ .

 

YamatoQ සංවිධානයේ ප්‍රධානියා වන 43 හැවිරිදි Hiroyuki Kuraoka සහ අනෙකුත් සාමාජිකයින්, ඔවුන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා පිළිගත් බවට නිශ්චිත සටහනක් මේ වනතෙක් මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ  මහජන ආරක්ෂක කාර්යාංශය විසින් අනාවරණය කර නොමැති අතර මෙහි සැලසුම් සියල්ල Kuraoka විසින් මෙහෙයවා ඇති බවට සැක පළ කර තිබේ. 

 

සංගමයේ සාමාජිකයින් 20 කට වැඩි පිරිසක් කණ්ඩායම් දෙකකට බෙදී එදින එන්නත් අඩවියට ඇතුළු වීමට උත්සාහ දරා ඇති බවත් අලුත්ම චෝදනා එල්ල කළ පුද්ගලයන් අට දෙනාගෙන් Kuraoka හැර අනෙක් සියල්ලෝම “වෛද්‍යවරයකු මෙහි ගෙන එන්න” සහ “එය මිනීමැරුමක්!” යනුවෙන් කෑගසමින් කලහකාරී ලෙස හැසිරී ඇති බවත් පොලිසිය සදහන් කළේය.

Comments