Tokyo නගරයේ Edigawa Ward හිදී බ්‍රහස්පතින්දා උදෑසන 8.20 ට පමණ සිය ලේලියට පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට Saitama ප්‍රාන්තයේ Kawaguchi හි වාසය කළ Hidekazu Watanabe නම් 67 හැවිරිදි පුද්ගලයෙකු ටෝකියෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ .
මහල් නිවාස ගොඩනැගිල්ලෙන් පිටත වාහන නැවැත්වීමේ අංගනයේදී තම මෝටර් රථයේ රියදුරු අසුනට ගොඩවූ අදාළ කාන්තාවගේ බෙල්ලට නැමිය හැකි පිහියක් භාවිතා කරමින් සැකකාර Watanabe විසින් ඇන ඇති අතර සාක්ෂිකරුවෙක් පොලිසිය අමතා "පුද්ගලයෙකු මෝටර් රථයක දොර විවෘත කර එහි සිටි කාන්තාවට පිහියෙන් ඇන ඇති බවට" පොලිසියට පැවසීමත් සමඟ එම ස්ථානයට පැමිණි නිලධාරීන් එහි රැදී සිටි Watanabe අත්අඩංගුවට ගෙන තිබේ .
වයස අවුරුදු 30 ක් පමණ වන කාන්තාව වහාම රෝහල් ගත කර ඇති අතර ඇයගේ තත්ත්වය බරපතල බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.
තම ලේලිය සහ පුත්‍රයා අතර ප්‍රශ්න ඇති වී තිබූ බැවින් ඔවුන් දෙදෙනා දික්කසාද වීමට සාකච්ඡා කරමින් සිටි බවත් ඇයව ඝාතනය කිරීමේ කිසිදු චේතනාවකින් තොරව තමන් විසින් ඇයට පිහි ප්‍රචාරය එල්ල කළ බවත් Watanabe උපුටා දක්වමින් පොලිසිය පැවැසීය.