covid බලපෑමට ලක් වූ ඔස්ට්‍රේලියානු නැව ආධාර රැගෙන ටොන්ගා දේශයට


corona බලපෑමට ලක් වූ ඔස්ට්‍රේලියානු යුධ නැවක් අවදානම නොතකා සුනාමියෙන් බලපෑමට ලක්වූ ටොන්ගා දේශයට

.

corona බලපෑමට ලක් වූ ඔස්ට්‍රේලියානු යුධ නැවක් අවදානම නොතකා සුනාමියෙන් බලපෑමට ලක්වූ ටොන්ගා දේශයට අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන පසුගිය බදාදා දින පිටත්වුනි. ආධාර රැගෙන  පිටත් වුණ ද කිසිවකු හා මුහු නොවීමේ දැඩි නීති රෙගුලාසි යටතේ  ඔවුන් මෙම ක්‍රියාවට මුලපුරා ඇත.

 

ටොන්ගා සෞඛ්‍ය ඇමති Saia Piukala පවසා සිටියේ HMAS Adelaide නෞකාව මෙතෙක් කලක් ඉතාම අඩු වශයෙන් corona බලපෑම් වලට ලක් වූ ටොන්ගා  දේශ ඇතුළු පැසිෆික් කලාපය  තවදුරටත් එසේ ම පවත්වා ගැනීමට උදව් කරමින් දැඩි විනයක් හා සීමා කිරීම් යටතේ හැසිරෙනු ඇති බවයි.

Comments