සිසුවියන්ගේ කාමරවල කැමරා සවිකල ගුරුවරයා පොලිස් දැලේ


ගුරුවරයා විසින් මෙවැනි කැමරා තටාකයේ ඇඳුම් මාරු කරන කාමරයේ සහ පන්ති කාමරයේ ද සවිකර තිබූ බව පැවසේ.

.

කුමමොටෝ නගරයේ අධ්‍යාපන මණ්ඩලය ඊයේ(06) නිවේදනය කළේ නාගරික ප්‍රාථමික පාසලක පිරිමි ගුරුවරයකු විසින් බාලිකා ඇඳුම් මාරු කරන කාමර සහ වෙනත් ස්ථාන බෝල්පොයින්ට් පෑන් වර්ගයේ කැමරාවකින් රහසිගතව රූගත කර ඇති බවයි. 

එම නිවේදනයට අනුව නොවැම්බර් 29 වැනි දින පාසලෙන් පසු දැරියක් ඇඳුම් මාරු කිරීමට භාවිත කළ කාමරයේ ලොකරය මුදුනේ තිබූ බෝල්පොයින්ට් පෑන් වර්ගයේ කැමරාවක් සොයාගෙන එය පාසලට වාර්තා කර ඇත.

ගුරුවරයා විසින් මෙවැනි කැමරා තටාකයේ ඇඳුම් මාරු කරන කාමරයේ සහ පන්ති කාමරයේ ද සවිකර තිබූ බව පැවසේ.

මෙය සොයාගැනීමෙන් පසු වහාම දත්ත මකා දමන ලෙස විදුහල්පතිවරයා ගුරුවරයාට උපදෙස් දුන්නේය.  

 

137 Views

Comments