පසුගිය සිකුරාදා දින බටහිර ජපානයේ Nara නගරයේ පැවැති මැතිවරණ ප්රචාරක වැඩසටහනක් අතරතුරදී ජපානයේ වඩාත්ම බලගතු දේශපාලකයෙකු වූ හිටපු අගමැති Shinzo Abe වෙඩි තබා ඝාතනය කිරිම, ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් නොමැති වීම නිසා සිදුවූවක් බවට වත්මන් ජපාන අගමැති Fumio Kishida බ්‍රහස්පතින්දා ආරක්ෂක අංශ වෙත චෝදනා කළේය.
අඩු අපරාධ අනුපාතයක් සහ දැඩි තුවක්කු පාලනයක් සඳහා ප්‍රසිද්ධ ජාතියක් කම්පනයට පත් කරමින් සිදුවූ වෙඩි තැබීමේ ඡායාරූප සහ වීඩියෝවලින් පෙනී යන්නේ තුවක්කුකරුට Abe මහතා පිටුපසින් විත් වෙඩිතැබීමට නිශ්චිත ඉලක්කයක් ගත හැකි වූයේ ආරක්ෂක නිලධාරීන් ඉදිරිපස දෙසට අවධානය යොමු කර ගෙන සිටීම නිසා බවයි.
ජාතික මහජන ආරක්ෂණ කොමිසමේ සහ ජාතික පොලිස් ඒජන්සියේ නිලධාරීන් සිදුවූ අතපසු කිරීම කුමක්ද යන්න අධ්‍යයනය කරමින් සිටින අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාතික පොලිස් ඒජන්සියේ නිලධාරීන් කණ්ඩායමක් බ්‍රහස්පතින්දා Nara ප්‍රාන්ත පොලිස් මූලස්ථානයට පැමිණ තිබේ .
"මම හිතන්නේ ආරක්ෂක විධිවිධානවල ගැටළු තිබුණා. කෙසේ නමුත් වෙනත් රටවල උදාහරණ අධ්‍යයනය කරමින් , සම්පූර්ණ පරීක්ෂණයක් කර නිවැරදි කළ යුතු දේ නිවැරදි කරන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිමි " යනුවෙන් Kishida මෙහිදී විශේෂයෙන් සදහන් කළේය.