මේ වන තෙක් ජපානයට කොරෝනා තත්ත්වය යටතේ දෛනිකව ඇතුළු කරගත් 5000 විදේශිකයන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇතැම් ව්‍යාපාර සහ විශ්වවිද්‍යාල විසින් ඔවුන්ගේ කටයුතු සාර්ථකව කර ගත හැකි නොහැකි බව පවසමින් රජයට චෝදනා එල්ල කර තිබිණි. මේ හේතුවෙන් එළඹෙන මාර්තු 14 වන දා සිට ජපානයට ඇතුළු කර ගන්නා විදේශකයන් ප්‍රමාණය 7000 දක්වා ඉහළ නංවන බව ජපන් අගමැති බ්‍රහස්පතින්දා ප්‍රකාශ කර තිබේ.