පසුගිය ජූනි මාසයේදී Chiba ප්‍රාන්තයේ Nagareyama හි පදිංචිව සිටි 70 හැවිරිදි සිය බිරිඳ ඝාතනය කළ 73 හැවිරිදි පුද්ගලයෙකු බිරිඳගේ ඝාතනයෙන් අනතුරුව නිවසේ වහලයෙන් බිමට පැන සියදිවි නසා ගැනීමට ගත් උත්සාහයේදී සිදුවූ තුවාල හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටියදී මිය ගොස් තිබේ.
පොලිස් වාර්තා වලට අනුව පසුගිය ජුනි 5 වැනි දින පෙරවරු 7.45 ට පමණ ගෙල ප්‍රදේශයට පිහියෙන් ඇන දමා ගොස් තිබූ සැකකාර පුද්ගලයාගේ බිරිඳගේ සිරුර ඔවුන්ගේ නිවසේ ඇඳ මත තිබීයදී හමුවී ඇති අතර ඇය එම ස්ථානයේදීම මියගොස් සිටි බව පැවැසේ .
ඊට පැය 2 1/2 කට පමණ පසු ඇගේ සැමියාගේ සිරුර ඒ අසල පිහිටි මහල් ගොඩනැගිල්ලක් ඉදිරිපිට බිම වැටී තිබියදී සොයා ගැනීමට නිලධාරීන්ට හැකිව තිබූ අතර ඔහු වහලයෙන් බිමට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ දරා ඇති බවට පොලීසිය සැක පළ කළේය .
අනතුරින් පුද්ගලයාගේ බෙල්ල කැඩී දරුණු ලෙස තුවාල වී සිටි අතර, ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සුවය ලබන තෙක් බලා සිටි නිලධාරීන් අතරමං කරමින් ජුලි 14 වන බ්‍රහස්පතින්දා දින ඔහු මිය ගොස් ඇති බව වාර්තා වේ.