නිවසකින් මළ සිරුරු දෙකක් සොයා ගැනේ


එක් අයෙකුගේ සිරුර අල්මාරියක තිබී හමු වෙයි

.

27 වැනිදා පෙරවරු 11.30 ට පමණ සයිතමා ප්‍රාන්තයේ කසුකබේ නගරයේ යහාර ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් දුර්ගන්ධයක් පැමිණ ඇත.

ඒ පිළිබඳ පොලිසියට දන්වා ඇති අතර පැය දෙකකට පමණ පසු පොලිසිය එම ස්ථානයට ගිය විට කාමරය තුළ තිබී මිනිසුන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගන්නා ලදී.

ප්‍රදේශවාසීන් පවසන පරිදි මෙම කාමරයේ පියා සහ පුතා යැයි සැලකෙන 76 හැවිරිදි පුද්ගලයෙකු සහ 43 හැවිරිදි පුද්ගලයෙකු ජීවත් විය. ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.

163 Views

Comments