තෙල් අර්බුදයට එරෙහිව පියවර ගැනීමට උත්සාහ කළ එක්සත් ජනපද ජනපති


එක්සත් ජනපද ජනාධිපති තෙල් අර්බුදයට පිළියම් සෙවීමට සැරසේ

.

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය මධ්‍යයේ ප්‍රධාන බොරතෙල් නිෂ්පාදකයා විශාල බලයක් අල්ලාගෙන සිටින මොහොතක එක්සත් ජනපද ජනාධිපති Joe Biden  විසින් මතභේදයට තුඩු දී ඇති මැදපෙරදිග ජාතියේ සංචාරයකට එක්වූ අතර රට මුහුණ දී සිටින ඉහළ පෙට්‍රල් මිල අරගලයේ නිමාවක් දැකීම එතුමාගේ සංචාරයේ අරමුණ ලෙස දක්වා තිබිණි. 

 

සෞදි අරාබියේ වත්මන් පාලක ඔටුන්න හිමි කුමරු වන Mohommed bin Salman සහ අනෙකුත් නිලධාරීන් සමඟ සිකුරාදා දින පැවති සාකච්ඡාවලින් පසුව Biden වාර්තාකරුවන්ට කියා සිටියේ “ගෝලීය බලශක්ති සුරක්ෂිතභාවය සහ ගෝලීය ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා ප්‍රමාණවත් තෙල් සැපයීම සහතික කිරීම පිළිබඳ හොඳ සාකච්ඡාවක් සිදුකළා. ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍ය තෙල් සැපයුම වැඩි කිරීමට මට හැකි සෑම දෙයක්ම මම කරමි. සෞදි ජාතිකයන් එම හදිසිතාව බෙදාහදා ගන්නා අතර, අද අපගේ සාකච්ඡා මත පදනම්ව, ඉදිරි කාලය තුළ ගනු ලබන ඉදිරි පියවර දකිනු ඇතැයි මම අපේක්ෂා කරමි " යනුවෙනි. 

 

සාකච්ඡාවලින් පසුව නිකුත් කරන ලද නිවේදනයකට අනුව, එක්සත් ජනපදය සහ සෞදි අරාබිය යුක්‍රේන අර්බුදයේ ආලෝකය තුළ ඔවුන්ගේ ආර්ථික සහයෝගීතාවයේ වැදගත්කම අවධාරනය කර ඇති අතර ස්ථාවර ගෝලීය බලශක්ති වෙළඳපොළක් සඳහා ඔවුන්ගේ කැපවීම යලි යලිත් තහවුරු කිරීමට උත්සාහ දරා තිබේ. "තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා ගෝලීය තෙල් වෙලඳපොලවල් තුලනය කිරීම සඳහා සහාය වීමට සෞදි අරාබියේ කැපවීම එක්සත් ජනපදය සාදරයෙන් පිළිගත්තේය" යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් වේ.

92 Views

Comments