ජපානයේ Bon උත්සවයට සමාන උළෙලක් මැලේසියාවේ ක්වාලාලාම්පූර් අගනුවර සමග ප්රදේශයක දී පසුගිය දා පැවැත් ව තිබේ. මේ සඳහා මැලේසියානු ජාතිකයන් මෙන්ම එරට ජීවත් වෙන ජපාන ජාතිකයන් ගෙන් ද සමන්විත 50000 පමණ පිරිසක් සහභාගිවී විනෝද වූ බව ආරංචි මාර්ග පවසයි.
ගිම්හාන සමය උත්කර්ෂවත් ලෙස සැමරීමට සංවිධානය කරන මෙම උත්සවය වර්ෂ 1977 සිට මැලේසියාව හා ජපානය අතර ඇති සබඳතාවල ශක්තිමත් බව පෙන්වීමට සංවිධානය කරන බව පවසයි.