COVID ව්‍යාප්තිය සීමා කිරීමට කිසිදු ක්ෂණික පියවරක් නොගත් ජපානය


කොවිඩ් මර්දනය කිරීමට පියවර නොගැනීම නිසා ජපානයේ කොරෝනා උග්‍ර වේ

.

රට තුළ සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින COVID-19 වෛරස ආසාදනයේ හත්වන රැල්ල මධ්‍යයේ ව්‍යාප්තිය අවම කිරිමේ සීමාවන් පැනවීම පිළිබඳ කිසිදු සැලසුමක් රජය විසින් තවමත් ඉදිරිපත් කර නොමැති අතර දෛනිකව ඉහළ යන ආසාදිතයින් සංඛ්‍යාව හේතුවෙන් මෙම තීරණයේ බලපෑම වෛද්‍ය ක්‍රමයට දරාගත නොහැකි තත්වයකට පත්ව තිබේ. 

 

අධික ලෙස සම්ප්‍රේෂණය වන BA.5 Omicron උප ප්‍රභේදය දරුණු ලෙස ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ යාම නිසා රෝහල් වල ධාරිතාව උපරිමයට ළඟා වී ඇති අතර ඉරිදා දිනය තුළ රට පුරා නව ආසාදන සංඛ්‍යාව සතියකට පෙර මෙන් දෙගුණයකින් වැඩිවී 105,500 සිමාව ඉක්මවා යාම සිදුවිය. 

 

ටෝකියෝ හි Showa විශ්ව විද්‍යාලයේ රෝහලේ අධ්‍යක්ෂ Hironori Sagara මේ සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් කියා සිටියේ “බරපතල රෝගීන් සංඛ්‍යාව අඛණ්ඩව වැඩි වුවහොත් රෝහල් ඇඳ පුරප්පාඩු පිරී ඉතිරී යන වේගය පවත්වා ගැනීමට නොහැකි වනු ඇත. මෙය කළමනාකරණය කිරීමට නම් අපි ඇඳන් කාර්යක්ෂමව භාවිතා කළ යුතුය " යනුවෙනි. 

 

එමෙන්ම Okinawa හි ප්‍රාන්ත වෛද්‍ය සංගමය සිකුරාදා පැවැති මාධ්‍ය හමුවකදී, “සැහැල්ලු රෝග ලක්ෂණ සඳහා පමණක් හදිසි චාරිකා නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අතර, සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමේ අද්දරට ළගා වෙමින් පවතින බව" අවධාරණය කළේය.

95 Views

Comments