මිල ඉහළ යාම ජපාන සමාගම්වල දෘෂ්ටිකෝණයෙන්


උද්ධමනය සමග ජපානයේ එම අගය පහළ යයි

.

Teikoku Databank ණය පර්යේෂණ ආයතනය විසින් මෑත කාලීනව සිදු කරන ලද සමීක්ෂණයකට අනුව රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයේ බලපෑමෙන් සහ 'යෙන්' හි අගය විශාල ලෙස දුර්වල වීම හේතුවෙන් අඛණ්‌ඩව ඉහළ යමින් පවතින බලශක්ති හා ද්‍රව්‍යමය පිරිවැයේ බර සාමාන්‍ය ජනතාව සහ ව්‍යාපාරිකයින් ඉතා අසීරුවෙන් දරා සිටින මොහොතක , ඉහළ යන මිල ගණන් වල බලපෑම මැඩපැවැත්වීමට රජය මීට වඩා වැඩි පියවරයන් අනුගමනය කළ යුතු  බවට ජපාන සමාගම්වලින් අඩක් පමණ අදහස්‌ පළ කර තිබේ. 

 

මෙම බහුවිධ ප්‍රතිචාර සමීක්ෂණයේදී රජය සිය අවධානය යොමු කළ යුත්තේ කුමන ආකාරයේ ආර්ථික ක්‍රියාමාර්ග පිළිබඳවද යන්න සමාගම් වලින් විමසූ විට   ඔවුන්ගෙන් 50.8% දෙනෙකු විසින්  මූල්‍ය ආධාර සැපයීම , පෙට්‍රල් වල බදු අඩු කිරීම සහ මිලදී ගැනීමේ පිරිවැය සහනාධාර ලබාදීම යන අංශ තෝරාගෙන ඇති අතර පසුගිය බ්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය හමුවකදී ජපාන අගමැති Fumio Kishida කියා සිටියේ සංචිත අරමුදල්වලින් යෙන් ට්‍රිලියන 5.5 ක පමණ කොටස් ප්‍රමාණයක් ව්‍යාපාරික සමාගම් වලට සහන සැලසීම සඳහා භාවිතා කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.

 

"මතුපිටින් ලබාදෙන තාවකාලික සහනාධාර සහ බදු කප්පාදුවලට වඩා රට තුළ වැදගත් මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා රජය මේ අවස්ථාවේ ගතහැකි සියලු උත්සාහයන් දැරිය යුතු බවට තමන් අදහස් කරන බව" ඉදිකිරීම් ලෝහ නිෂ්පාදන සමාගමක  නිලධාරියෙකු වන සමික්ෂණයේ වගඋත්තරකරුවෙකු මෙහිදී කියා සිටියේය. 

 

"වැටුප් ඉහළ නැංවීම, ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ ගෘහස්ථ සමාගම් ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී ස්ථානයකට ගෙන ඒම ඉලක්ක කරගත් , ආධාරක ක්‍රියාමාර්ග වැනි මධ්‍යම හා දිගු කාලීන වූ දෘෂ්ටිකෝණයකින් රජය සිය වර්ධන උපාය මාර්ග ප්‍රවර්ධනය කළ යුතුය" යනුවෙන් Teikoku Databank , සිය සමික්ෂණය අවසානයේ එහි නිගමනයන් ඇතුළත් වාර්තාව එළි දක්‌වමින් සඳහන් කර තිබේ .

118 Views

Comments